Arumaya
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

"උත්තරා" නවමු ආදර කතාවක්‌!

Go down

"උත්තරා" නවමු ආදර කතාවක්‌! Empty "උත්තරා" නවමු ආදර කතාවක්‌!

Post  arumaya Fri Jan 29, 2010 10:27 pm

"උත්තරා" නවමු ආදර කතාවක්‌! Uttara10
හැත්තෑව දශකයේ අපේ සිනමාවට ප්‍රේක්‍ෂකයා වඩාත් ළං වූයේ එදා හැදුණු ප්‍රේමණීය චිත්‍රපට නිසාය. මේ ආදර කතා අපේ තරුණ ප්‍රේක්‍ෂකයන් එදා තමන්ගේම ජීවිතයේ කොටසක්‌ බවට පත්කර ගත්හ. ඒ නිසාම ඒ චිත්‍රපට වඩවඩාත් ජනප්‍රිය විය. එදා අප දුටු මේ ආදර කතාවල ඇතුළත්වූ ප්‍රේම ගී, වියෝ ගී අදත් අප අතර ජනප්‍රිය ය.

හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්‌වර්ණමය යුගය බවට පත්කරන්නට හේතු සාධක ලෙස පෙර කී ආදර කතා, සුමියුරු ගී මෙන්ම රංගනයෙන් එක්‌වූ නළු නිළියෝද දායක වූහ.

මේ ගෙවී යන්නේ සිංහල සිනමාවේ හැටතුන් වැනි වසරයි. සිංහල සිනමාව හැටතුන්වැනි උපන් දිනය සමරන්නේ අලුත්ම චිත්‍රපටයක්‌, ආදරණීය කතාවක්‌ රැගත් සුමියුරු සුන්දර ගීත රැගත් ප්‍රේම කතාවක්‌ අපේ ප්‍රේක්‍ෂකයනට තිළිණ කරමිනි.

"උත්තරා..." අපට සිංහල සිනමාවේ අතීතය එනම් ස්‌වර්ණමය යුගය සිහිපත් කරවයි. උත්තරා ඔස්‌සේ සඳුන් රාජකරුණා නමින් අලුත් අධ්‍යක්‍ෂවරයෙක්‌ මෙන්ම වජිරා රාජපක්‍ෂ නමින් අලුත් නිෂ්පාදිකාවක්‌ද සිංහල සිනමාවට පිවිසේ. සඳුන් රාජකරුණා චිත්‍රපට අධ්‍යක්‍ෂණයට ආගන්තුකයෙක්‌. එහෙත් ඔහු සිනමාවට පිවිසෙන්නට පෙර දක්‍ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙකි.

ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය ගාමිණි හත්තොටුවගමයන් යටතේ රංගනය හදාරා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, රචකයකු මෙන්ම ආලෝක කරණ ශිල්පියකු ලෙසද කටයුතු කර ඇත.

දීපශිකා, පුනරාගමනය, දිරිය දොaනි, රාත්‍රිය මනරම්, උඩුවියන්, මානවිකාවි යන ටෙලි නාට්‍යවල ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයා වූ සඳුන් මේ දිනවල සාර්ථක ලෙස විකාශය වන "ඉතිං ඊට පස්‌සේ" ටෙලි නාට්‍යයේ පළමු කොටස්‌ එකසිය පනහේ රචකයා විය. අද ඔහු එහි නිර්මාණ සැලසුම්කරුය.

සඳුන් රාජකරුණාට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස පිවිසෙන්නට භාග්‍යය උදා කර දෙන්නේ නීතිඥ වජිරා රාජපක්‍ෂය.

වජිරා අපේ සිනමාවට පිවිසෙන අලුත්ම නිෂ්පාදිකාවයි. ඇය චිත්‍රපට කර්මාන්තයට පැමිණෙන්නේ සිනෙල්කා චිත්‍රපට සමාගම ඔස්‌සේය. වජිරා රාජපක්‍ෂ යනු අම්බලන්ගොඩ රීගල් සිනමා ශාලාවේ අධිපතිවරයා වූ නැසීගිය ආර්. ජී. ආතර් ද සිල්වා මහතාගේ බාල දියණියයි.

මල් මිටක්‌ අරන්... අප මේ දවස්‌වල අසන කසුන් කල්හාර ගයන ජනප්‍රිය ගීතය මෙන්ම, ප්‍රදීප් රංගන, උරේෂා රවිහාරි, සන්තුෂ් වීරමන් ගයන මියුරු ගී රැසකින් පිරි "උත්තරා" ගී පද රචනා කැළුම් ශ්‍රීමාල්, බන්දුල නානායක්‌කාරවසම්, මහේෂ් සත්සර මද්දුම ආරච්චිය. ගී තනු නිර්මාණය රෝහණ වීරසිංහ, භාතිය ජයකොඩි සහ කසුන් කල්හාරය. "උත්තරා" ගී සංගීත අධ්‍යක්‍ෂණය රෝහණ වීරසිංහගෙනි.

දේශපාලන බලපුළුවන්කාරකම් නිසා සියල්ල කළ හැකි යෑයි සිතන නිවන්තුඩාව රජයේ ප්‍රබල ඇමැතිවරයෙකි. මැරවරකම් කරන්නෙකි. එහෙත් ඔහුගේ බිරිය මෙන්ම රූමත් දියණිය උත්තරා දේශපාලන පසුබිම නිසා උඩඟු නොවන දෙදෙනෙකි.

ඇමැති නිවන්තුඩාව සදාකාලිකවම බලයේ සිටීමට කෑදරකමක්‌ ඇත්තෙකි. මීළඟ රජයේ ප්‍රබලයකු වීමේ ලකුණු පෙන්වන විරුද්ධ පක්‍ෂයේ නායකයකුගේ පුතෙකු වන ප්‍රවීන් උත්තරාට විවාහ කරදීමට නිවන්තුඩාව උත්සාහ කරන්නේ ද මේ බල කෑදරකම නිසාය. එහෙත් උත්තරා පෙම් කරන්නේ අහිංසක දුප්පත් ගායකයකු වන ශනිල්කටය. ශනිල්ක දක්‍ෂ නර්තන ශිල්පියකුද වේ.

මේ පියාගේ සිහිනයත්, දියණිය උත්තරාගේ සිහිනයත් කෙසේ සැබෑ වේවිද... "උත්තරා" අලුත්ම ප්‍රේමාන්විත චිත්‍රපටය ඊට පිළිතුරු ලබා දේ.

"උත්තරාහි" නිවන්තුඩාව නමැති දේශපාලකයා ලෙස රඟන්නේ ප්‍රවීණ නළු සනත් ගුණතිලකය. සනත්ගේ රංගනයන් දකිද්දී නිතැතින්ම ප්‍රේක්‍ෂක මනසට පිවිසෙන්නේ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන දඩබ්බර දේශපාලකයකුගේ චරිතයකි. "උත්තරා" ලෙස හෂිනි ගෝනගල රඟන්නිය. හෂිනි දක්‍ෂ නර්තන ශිල්පිනියකි. මේ ඇයගේ පළමු චිත්‍රපට රංගනයයි. ශනිල්ක ලෙස තරුණ පරපුරේ සිත් දිනාගත් තවත් නිර්මාණ ශිල්පියකු වන සුරාඡ් මාපා රඟයි. ප්‍රවීන්... සහන් රන්වලය. මේ අයට අමතරව සරත් මනුසිරි, ඇන්ටන් ජූඩ්, දයා අල්විස්‌, වසන්ත කුමාරසිරි, විශාකා සිරිවර්ධන, මොරින් චාරුනි, උපේක්‍ෂා ස්‌වර්ණමාලි, ජනිත් වික්‍රමගේ, කුමාර තිරිමාදුර, ශාන් බන්දු වීරසිංහ සහ උදයංගනී සමන් කුමාරි රඟති.

අජිත් අලහකෝන්


http://www.divaina.com/2010/01/29/cineart03.html
arumaya
arumaya

Posts : 109
Join date : 2010-01-14

http://www.arumaya.com

Back to top Go down

Back to top

- Similar topics

 
Permissions in this forum:
You cannot reply to topics in this forum