Arumaya
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

අන්තර්ජාලයෙන් ලොව දකින ගමේ ළමයි

Go down

අන්තර්ජාලයෙන් ලොව දකින ගමේ ළමයි Empty අන්තර්ජාලයෙන් ලොව දකින ගමේ ළමයි

Post  arumaya Wed Feb 17, 2010 4:31 am

අධ්‍යාපනික සංවර්ධනය රටකට ප්‍රධාන අවශ්‍යතාවකි. එහිදී ශාස්ත්‍රීය අධ්‍යාපනයට සේම ප්‍රායෝගික වැඩසටහන්වලින් සමන්විත වෘත්තීය අධ්‍යාපනයට ද විශේෂී තැනක් හිමිවේ. අධ්‍යාපනය අපේක්‍ෂාවෙන් ප්‍රාථමික පන්තිකාමරයට ඇතුල්වන දරුවා විශ්විවිද්‍යාල අධ්‍යාපනය ලබා ගනි.

තවත් පිරිසක් අ.පො.ස. සාමාන්‍ය පෙළත්, උසස් පෙළින් හෝ ඊට පහළ මට්ටමක දී අධ්‍යාපනයෙන් ඉවත් වෙයි. එවිට සිදුවන්නේ දිනෙන් දින රැකියා වියුක්තිකයන්ගේ ප්‍රතිශතය වැඩිවීමයි.

එදා ගම්බද ළමයිනට පරිගණක අධ්‍යාපනය හීනයක් ව තිබුණි. එයට හේතුව වූයේ , පරිගණක අධ්‍යාපනයක් ලැබීමට නම් විශාල වියදමක් දැරීමට සිදුවීමයි. ගමේ හේනේ, කුඹුරේ වැඩකරන හෝ එදිනෙදා කුලී වැඩක් කරන මවුපියන්ගේ දරුවන්ට මේ අසාධාරණය තදින්ම බලපැවේ ය.

එහෙත්, අද වන විට එම තත්ත්වය සහමුලින්ම වෙනස් වී තිබේ. අද පරිගණක අධ්‍යාපනයෙන්, නවීන තාක්ෂණයෙන් යුත් ඉලෙක්ට්‍රොනික, මොටර් රථ අලුත්වැඩියා අංශය, පෑස්සුම්, බේකරි නිෂ්පාදන, ඉදිකිරීම්, විදුලි, බෝට්ටු යන්ත්‍ර අලුත්වැඩියා අංශයන්ගෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ග්‍රාමීය දරුවන් ය.

ඒ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ “ ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක්” තේමාව යටතේ රට පුරා ආරම්භ කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නිසාය.

සුනාමියෙන් පසු වඩා ඵලදායි පුහුණු රටාවක් ඔස්සේ පැමිණි වෘත්තිය අධ්‍යාපන ක්‍ෂේත්‍රය අදවන විට ඉහළම මට්ටමකට පත්ව තිබේ. එහිදී ඉදිරියෙන්ම සිටින්නේ දකුණු පළාතයි, සුනාමි ව්‍යසනයෙන් පසු ගාල්ල, අහංගම, මාතර තලල්ල, තංගල්ල හා හම්බන්තොට ඉදි වූ අති නවීන පහසුකම්වලින් සමන්විත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් අද ගමේ දරුවෝ අන්තර් ජාලයෙන් ලොව පුරා සැරිසරති.

තොරතුරු සොයති. නව ඉගෙනුම් කරා පියනගති. ඒ ගම නගා රට හැදීමේ ජනපති සංකල්පය මල්ඵල දැරීමකි.

පාසල් හැරයන දරුවන්ට රැකියා වියුක්තිය වෙනුවට හැකියාවට රැකියාවක් ලබා දීමේ අරමුණෙන් එවක කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය බිහිකළේය.

එදා තුන්කල් බලා ආරම්භ කළ වැඩසටහන අද අති සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තලල්ලේ පිහිටි මාතර දිස්ත්‍රික්ක පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍යාවක වන දර්ශි නදීෂානි පොන්නම්පෙරුම මම ගාල්ල පෝද්දල ප්‍රදේශයේ ඉඳන් තමයි මෙහි පුහුණුවට ආවේ.

ලබුදුව ජාතික පාසලේ උස්පෙළ දක්වා අධ්‍යාපනය ලබා පරිගණක පුහුණුවට ඇතුලත් වුණා. ගමේ අපට නගරයට ගිහින් කොම්පියුටර් ඉගෙන ගන්න ගියාම ගොඩක් අපහසුතා තියෙනවා. දුප්පත් මවුපියන්ගේ දරුවන්ට නම් එය හරිම අපහසුයි. පෞද්ගලික පුහුණු මධ්‍යස්ථානවල වැඩිපුර අයකරනවා. සහතිකයේ කිසිම වටිනාකමක් නැහැ.

අපට හරිහැටි ආරක්‍ෂාවක් නැහැ. මෙහිදී අපි හොඳ ආරක්‍ෂාවක් යටතේ නවීන පරිගණක භාවිතා කර හොඳින් ඉගෙන ගන්නවා දුර සිට ආව කියල මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

මම කැමතිනම් මේ පුහුණුවෙන් පසු තවත් ගොඩාක් ඉදිරියට යන්න මේ මධ්‍යස්ථානයෙන් මග පෙන්වනවා. ලෝකයේම පිළිගන්නා හොඳ සහතිකයකුත් ලැබෙන නිසා අපි ගොඩක් සතුටින් ඉගෙන ගන්නවා.

එස්. එච්. අශානි -

මම කුඩාවැල්ල ප්‍රදේශයේ සිට එන්නේ. පුංචි කාලයේ ඉඳලාම කොම්පියුටර් ඉගෙන ගන්න ලොකු ආශාවක් තිබුණා. මේ අංශයේ රැකියා ගොඩාක් තියෙන බව හඳුනාගෙන තිබෙන නිසා උසස් පෙළ හොඳින් අවසන් කර මේ මධ්‍යස්ථානයේ පුහුණුවට ආවා.

ලෝකයේම තොරතුරු ඉතා කුඩා වෙලාවකදී හොයා ගන්න, දැනගන්න මෙමගින් පුළුවන්. ගමේ අපිටත් මෙවන් අවස්ථාවක් ලබාදීම කොතරම් හොඳ දෙයක්ද? මේක හොඳට ඉගෙන ගත්තාම රැකියා හොයාගන්න, වැඩිදුර පුහුණුව ලබාගන්න ලේසියි.

හතු පිපෙන්නා සේ රටපුරා වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන මධ්‍යස්ථාන පිහිටුවා තිබුණත් ඉන් සමහරක් කරන්නේ අහිංසක මවුපියන්ගේ දරුවන් අමාරුවේ දමමින් මුදල් සූරා ගැනීමයි.

වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථාන රටපුරා ව්‍යාප්තවීමත් සමඟ අද වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ. දකුණේ දරුවන්ට එය විශේෂය.

මාතර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක උපදේශිකා තුෂාරි අබේවර්ධන මහත්මිය

අපේ මධ්‍යස්ථාන හරහා පුහුණුව ලබාදෙන්නේ විධිමත් කාලසටහනකට හා විෂය නිර්දේශයකට අනුවයි. ප්‍රායෝගික වැඩ, අවසන් විභාග මේ සියල්ල නියමිත ප්‍රමිතීන් යටතේ පවත්වන නිසා දැනුමයි පුහුණුවයි දෙකම හොඳින්ම ලැබෙනවා.

පුහුණු මධ්‍යස්ථාන හරහා දරුවන්ට ලැබෙන පරිගණක පුහුණුව පමණක් ම නොවේ. උසස් තාක්‍ෂණයෙන් යුත් වෙනත් පාඨමාලා ද රාශියක් මෙහි ඇත. ඒ පිළිබඳ විස්තර කළ ඉලෙක්ට්‍රොනික උපදේශක එස්. අමරකීර්ති මහතා

අධ්‍යාපනයක් ඇතත්, නැතත් තම හැකියාව මත පෙරට එන්න ජාතික වෘත්තීය පරීක්‍ෂණ හරහා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් අවස්ථාව ලබාදීම ඉතා හොඳ වැඩපිළිවෙළක්. එමඟින් ජාතික වෘත්තීය සහතික ලබාගන්න හැකියාව ලැබී තිබෙනවා.

දැනට අපේ මධ්‍යස්ථානය මඟින් ආධුනිකයින්ට පුහුණුව ලබාදෙන්නේ අති නවීන තාක්‍ෂණික උපකරණ භාවිතා කරමින් පෞද්ගලික අංශයේ රැකියාවකට ගියාම ඉතාම ප්‍රයෝජනවත්. දැන් දකුණේ දරුවන්ට මේ මඟින් හොඳ කලක් උදාවෙලා.

පෑස්සුම් උපදේශක ජයන්ත ගාමිණී මහතා

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් රටේ දරුවන්ට අදියර හතක දී උපාධිධාරියකු විය හැකි ආකාරයට පාඨමාලා සංවිධානය කර තිබීම ඉතාම වැදගත්. එමඟින් අඩු අධ්‍යාපනයකින් පාසල් හැරගියත් උපාධිධාරියකු වන්න අවස්ථාව ලැබෙනවා.

දකුණේ දරුවන්ට ඒ සඳහා මධ්‍යස්ථාන කීපයක්ම තිබීම වාසනාවක් මධ්‍යස්ථානවල උපදේශකවරුන්, තාක්‍ෂණ ගුරුවරුන් සඳහාද මෙහිදී උසස් අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙය අපේ රටේ වෘත්තීය අධ්‍යාපනයේ සුවිශේෂී දියුණුවක්.

විශේෂ ස්තුතිය :- ස්වාධීන රූපවාහිනී සේවයේ සංජීව ජයසිංහ මහතාට, මාතර මාධ්‍ය නිවසේ අධ්‍යක්‍ෂ චමීර ප්‍රනාන්දු මහතාට හා එරන්දි වීරසූරිය මෙනවියට

විස්තර හා ඡායාරූප
ජයසිරි පේදුරු ආරච්චි
ගන්දර සමූහ
arumaya
arumaya

Posts : 109
Join date : 2010-01-14

http://www.arumaya.com

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum